Saturday, February 25, 2012

කවි සිත 4

ඳු බැඳි සි..

ආලෝකයට
මම ආදරය කල මුත්
දවස දිගු යැයි කියා
ඔබ අඳුර පැමිනෙනතුරු
බලා උන්නා
මට
මතකය.
දැන් නම්
මගේ සිතද මේ
අඳුරු රාත්‍රිය දිගටම
ගලා යයි කියා බලා සිඳී.
කලුවර රාත්‍රියකින්
සැම දෙයක්‌ම වැසී ගියත්
ආලෝකය විසින් කලුවර
පන්නා දැමූ දිනෙක
කලුවරින් වැසී තිබූ සියල්ල
අන් අයද දකීවි.
මම ආලෝකය ඇති විටෙක ඇස්‌ වසා ගතිමි.
ඒ ඔබට
මාද
මට කිසිත්ද
නොපෙනෙන්නටය.එනමුදු
මා සහ මට නොපෙනුන දේ
ඔබට පෙනුනි.
එදා පටන්
මමද
ඔබ මෙන් අඳුරට පෙම්බඳිමි.
එදා ඔබ මෙන් අද
මා ද
ආලෝකය මග හරිමි.
මන්ද ආලෝකය
මට පෙන්වන ඇත්ත දකිමින්
ඉදිරියට යෑමට තරම් සවියක්‌ 
තවද
මට
නැති නිසා...

Monday, February 20, 2012

skype එකේ දවසක්‌

 ටීනාගේ ජීවිතයේ ආසම දෙයක්‌ වෙලා තිබුනේ එයාගෙ පෙම්වතා ඒ කියන්නෙ රනුක එක්‌ක පැය 24 පුරාම හරි කතා කරන්නයි.ඒත් රනුක එයට අකමැත්තක්‌ පෙන්වනවා කියලා ටීනාට නිතරම දැනුනත් ටීනා උත්සහා කලේ රනුක සමඟම රැඳීමටයි.සමහර විට මෙය රනුකට කරදරයක්‌ වෙන්න පුලුවන්.මේ දෙන්නා ආදරය කලාට දෙන්න ජීවත් වුනේ රටවල් දෙකක.ඉතින් එයාලට ලන් වෙන්න,ආදරය කරන්න තිබුන පහසුම ක්‍රමය උනේ skype එක.ඈතින් ජීවත් වෙන නිසාමද කොහෙද රනුක ටීනාගෙන් තරමක්‌ ඈත් වෙලා කියලා නිතරම ටීනාගේ හිත එයාට වද දෙන්න පටන් ගත්තා.එක දවසක්‌ රනුක එයගෙ වැඩට යන්නෙ නැතුව නිවාඩුවක්‌ දාලා ගෙදර නැවතුනා.එදා උදේ ඉදන් ගොඩක්‌ දේවල් කතා කලත් ආදරයෙන් හිනා වෙවී රනුක ටිකක්‌ දවල් වෙලා මෙහෙම කිව්වා.

එක්‌කෝ මම දැන් වැඩට යනවා.නැත්නම් බොසා මාව එලියට දායි කියලා.එහෙම කියද්දි රනුකගේ රටේ වෙලාව සවස 2.30 පමණ.

ඒත් රනුක දැන් ඔයාලට 2.30 නේද? ඔයා ලෑස්‌ති වෙලා වැඩට යද්දි 4 වත් වෙයිනේ. පැය 3ක්‌ වැඩ කරලා වැඩක්‌ නැති නිසා අද ඉන්නකෝ.අපි කතාකරන්නෙත් ගොඩක්‌ දවසකින්නේ රනුක.ඉන්නවද ඔයා.

ටීනා එසේ කියද්දිත් රනුක යා යුතු බව කියා සිටිය නිසා ටීනා ඔහු හා එකග විය.

එහෙනම් රනුක ඔයා ඉක්‌මනින් ලෑස්‌ති වෙන්න.නැත්නම් තවත් වෙලා යනවනේ..

හ්ම්ම්..මම ඔයාට ගොඩක්‌ ආදරෙයි.ඔයා මගෙ පණනේ.මම එනකල් පරිස්‌සමෙන් ඉන්න පැටියෝ.මම ඉක්‌මනින් එන්නම්.

ඔයත් මගෙ පණ. මම ගෙදරනේ ඉන්නේ ඔයා පරිස්‌සමෙන් ගිහින් ඉක්‌මනින් එන්න රනුක.මට පාලුයි.එහෙනම් තියන්නම්.ජේසු පිහිටයි.
එහෙම කියලා ඔවුන් skype එකෙන් සමු ගත්තා.
නිතර නිතර රනුකව මතක්‌ වෙන නිසා ටීනා රනුක ජීවත් වෙන රටේ වේලාවෙන් 4.45ට පමණ call එකක්‌ ගත්තා.ඒ රනුකගේ දුරකතනයට,

ආ වස්‌තුවේ මම මේ යන ගමන්.බස්‌ එකට ඉද්දි යාලුවෙක්‌ හම්බ උනා ඒ පැත්තට යන.මම එයා එක්‌ක ගිහින් එතනින් බහිනවා.මාර ට්‍රැෆික්‌ එකක්‌ පැටියෝ තියෙන්නේ.එත් විනාඩි 10න් යන්න පුලුවන් වෙයි.ලඟ ඉන්නෙ දැන්.

හ්ම්..එහෙනම් මම විනාඩි 10 ගන්නම්කෝ.
ටීනා එසේ කීවේ යම් සැකයක්‌ ඇගේ හිතේ උපන් නිසාවෙනි.
හරි පැටියෝ.විනාඩි 10න් නෙමෙයි 15කින් ගන්න.එතකොට කතා කරන්න පුලුවන්නෙ අපිට.එහෙනම් bye වස්‌තූ..
ටීනාගේ සැකය තේරුම් ගත් රනුක ඔහුගේ අවංක බව ඔප්පු කිරිම සඳහා එසේ කීය.
ටීනාද විනාඩි 20 පසූ රනුකව ඇමතූ නමුත් ඒ වන විට රනුක දුරකතනය විසන්ධි කර තිබුනි.ටීනාට දුකක්‌ දැනුනත් ඇය දිගින් දිගටම කතා කිරීමට උත්සාහ කලා.සවස 6.20 පමන නැවත දුරකතනය ක්‍රියාත්මක වීය..

කොහෙද අනේ ඉන්නෙ ඔයා.ගන්න කියලා off කෙරුවා නේද?

off??පිස්‌සුද ඔයාට.මම මොකටද එහෙම කරන්නේ.

හ්ම්.හ්ම්..හරි දැන් කොහෙද ඉන්නේ?

මම මේ ගෙදර එන ගමන්.බොසා නැහැ.හෙට ඉදන් යනවා.මම call එකක්‌ දැම්මා බොසාට.හෙට උදේ එන්න කිව්වා.

ඉතින් ඔය call එක ගෙදර ඉදන් දාන්න එපායැ.

මොකද ටීනා මේ.මොකද වෙලා තියෙන්නේ?

මොකුත් නැහැ.ගෙදර ඇවිත් skype එන්න.මගෙ සල්ලි නැහැ.
ටීනා එසේ කීවේ දුකකුත් කුතුහලයකුත් සිතැතිවය.
පරිඝණකය අසලට වි බලා සිටියත් රනුක ආවේ රෑ 9.40ටය. කිසිත් නොකියා නොඅසා ටීනා ඔහු සමග කතා කරන්න විය.ඔහුද කිසිත් සිදු නොවු ලෙස මිනිත්තු කිහිපයක්‌ කතා කර

මම wash එකක්‌ දාගෙන එන්නම්.විනාඩි පහක්‌ දෙන්න.යන්න එපා.ඔහොමම ඉන්න.ඉක්‌මනින් එනවා මම යැයි කීය.

හ්ම්ම්...ඒ ටීනාගේ පිළිතුරය.
පැයක්‌ ගතවූ පසු ටීනා නැවත ඔහුව අමතන්න විය.නමුත් no answer ලෙස දිස්‌විය.කලකිරීමකින් හා දුකකින් යුතුව කල්පනාකරමින් සිටින විට ඔහුගෙන් ඇමතුමකි.ඒ පැය දෙකකට පසුවය.නමුත් සිතේ තිබුනු දුක්‌ කොහේ ගියාද ඇති වුයේ මහත් සතුටක්‌ පමණි.
කතාකරන්න පටන් ගත්තත් හෙලෝ හෙලෝ කියන විට ඇමතුම විසන්ධි විය.එත් සමගම ඔහුව offline ලෙස දිස්‌ විය.රනුකගේ රටේ වේලාව 12පමණ.ඒ රනුක ඇමතුම විසන්ධි කර දමා පරිඝණකය off උනා කියලා පෙන්වන්න උත්සාහ කිරීමක්‌ බව ටීනාට ඒ වන විටත් වැටහී ගොසිනි.එදා නැවත රනුක පැමිනියේද නැත..

ටීනා කදුලු පිරුනු දෑසින් යුතුව මෙසේ හිස්‌ අවකාශයට කියා නිදන්නට ගියා..

මම දන්නවා රනුක.ඔයා කරන මේ දේවල් නිසා ඔයා හිතනවා ඇති මම රැවටුනා කියලා.ඒත් මම රැවටුනේ නැහැ.රැවටුනා වගේ ඉන්නම්.ඒ ඔයා වගේ කෙනෙක්‌ එක්‌ක තර්ක කරලා වැඩක්‌ නැති නිසා.ඔයාව අමාරුවෙ දාන්න බැරි නිසා.අනික මම ඔයාට ආදරේ නිසා.ඔයා මගෙ නිසා.ඔයා ගොඩක්‌ වෙනස්‌.අද විතරක්‌ නෙමෙයි.දැන් ටික දවසක ඉදන්ම.ඒත් කවදාහරි දවසක මේ වෙනසට හේතුව ඔයාම මට කියයි.එතකල් මම බලන් ඉන්නම්.මගෙ රනුකට ජේසු පිහිටයි.


කවි සිත 3

මුවෙමු සිහිනෙන්..

පහන් දොරින් අදුර තිමිර
ඉරා මගේ ලොව එලිකොට
නිදා සිටින මගෙ යහනට
අරුණලු රැස්‌ කැටි පොදි කොට
ගව් ගානක්‌ ඈත සිටන්
සිතිවිලි දැහැනින් මැදි කොට
අද රෑටත් මගෙ යහනෙදි
වැළඳ ගන්න කියමි ඔබට....
දෑසෙ පිරුනු කදුලු බිංදු
සෙනෙහස දැක සැගවෙනකොට
මහදේ ඇති අදුරු තිමිර
පාවී යයි හිස්‌ අහසට
පොකුරු පොකුරු සිතිවිලි එයි
මා නිදනා නිදි යහනෙදී
දෑස්‌ පියන් පත් හරිනෙමි
සිනහ සිතින් අරුණෝදෙදි....
අදත් මගේ නිදි යහනෙදි
හමු වෙමු අපි පෙරදා මෙන්
නොවෙයි දුරක ඔබ සිටින්නේ
සැමදාමත් මගේ වෙමින්
පාට පාට හීන පොකුරු
සිත් ගැඹ තුල පිබිදෙනකොට
දහස්‌ ගණන් සිතුම් පැතුම්
ඉදි වෙනු ඇත
නුඹ
වටකොට...

Sunday, February 19, 2012

කවි සිත 2

(දික්‌)සා මුද්ද..

ආදරය තුරුලු කරන්
මම
ඔයාව එයාට දුන්නා.
එයත් ගොඩක්‌ ආදරෙන් මට
ඔයාව
දුන්නා.
එත්
එක දවසක්
එක පාරටම
ඔයගෙ වටිනාකම එයාට
නැති උනා.
හිත වද දෙනව හුගාරියක්‌.
ආදරයේ සංකේතය උගස්‌ උනා.
ආයෙමත් බේරුවා.
තරහ ගියහම ඔයාව එයා
වීසි කෙරුවා.
ආයෙමත් ලගට ගත්තා.
මම තවමත් නිහඩයි.
අපිව එකතු කෙරුව සංකේතය ඔයා.
ඒත්
ඔයාට වටිනාකමක්‌ දෙන්න තවම
අපිට බැරි උනා.
එක්‌ ආදරයක්‌ ලාච්චුවක හිර වෙලා.
තව ආදරයක්‌ මා ඉදිරියේ..
හ්ම්ම්ම්..
මොනවා කරන්නද??
ඒ දවස ගැන හිතන
හැම මොහොතකම
මගේ පපුව
පිච්චෙනවා.
ඒත්
මම අද ඔයා දිහා බලලා
සතුටු වෙනවා.
ඔයාවත් මට ලන්වෙන්න.
මට රවන්නැතුව
එන්න
ආයෙමත්
මගෙ අතටම.

කවි සිත 1

හිමි සෙනෙස..

පරසතු කුසුමකි
අද මා ඔබ ලඟ
ඇයි අප මේ හැටි
පමා උනේ....
භවයෙන් භවයට
පැතුවද පැතුමන්
පිවිතුරු නැහැ අද
ඔබ තුරුලේ....
පරවුන මල් මම
පූජ කරන්නැති
පෙර මා ඉපදුන

භවයේ....
සංසාරේ අපි
නැවතත් හමුවෙමු
පමා නොවී එක්‌
වෙමු භවයේ....