Tuesday, July 31, 2012

කළකිරිම

අයාලේ ගොස්
නිවසට පැමිනෙන
යහන අතගා
බිරිය සොයන
වචනයකින්වත්
ආදරය නොපෙන්වන
නුඹව සහකරු
කර ගත් පවට
සිතින් සිතමි
බද්දට ගෙන ආ මේ ජිවිතයට
සින්නක්කරයට නොව
බද්දටම සහකරුවෙකු
ගත්තානම් කියා...