Tuesday, November 27, 2012

කවි සිත

නු පා..
 
මා නුඹව අතැර බොහෝ කල් නමුදු
විටින් විට මා නෙත් අගට පැමිණ
නුඹව මතකයට නගවන්නේ ඇයි...
තවද නුඹට ලං වෙනු තරම්
ශක්තිමත් සිතක් ඇති
ගැහැනියක නොවන බව දැන දැනම
මෙලෙස මා වෙතට එන්නේ
කුමක් බලාපොරොත්තුවෙන්ද..
නුඹට දීමට තරම් වටිනා දෙයක්
තවද මා සතුව නැත..
තිබේනම් ඒ නුඹවම මිස වෙන කිසිවක්ද නොවේ..
වටිනා සියල්ල අහිමි වන විට
මට දායාද කර ගියේ නුඹවය..
නමුත්
මමද දැන් නුඹව ඈත් කිරීමට වෙහෙසෙමි..
කලක් නුඹ මගේම විය..
ලගම මිතුරියද නුඹය..
එත් ඒ කලකට පෙරය..
නැවත මම නුඹ සමග එක්ව
මේ ජීවිතය ගෙවීමට
බිදකුදු ආශාවක් නැත්තේමය..
යන්න මා අතැර සදහටම..
කලක් මගේ හොදම මිතුරු
මිතුර කඳුල..