නුඹ එපා..
මා නුඹව අතැර බොහෝ කල් නමුදු
විටින් විට මා නෙත් අගට පැමිණ
නුඹව මතකයට නගවන්නේ ඇයි...
තවද නුඹට ලං වෙනු තරම්
ශක්තිමත් සිතක් ඇති
ගැහැනියක නොවන බව දැන දැනම
මෙලෙස මා වෙතට එන්නේ
කුමක් බලාපොරොත්තුවෙන්ද..
නුඹට දීමට තරම් වටිනා දෙයක්
තවද මා සතුව නැත..
තිබේනම් ඒ නුඹවම මිස වෙන කිසිවක්ද නොවේ..
වටිනා සියල්ල අහිමි වන විට
මට දායාද කර ගියේ නුඹවය..
නමුත්
මමද දැන් නුඹව ඈත් කිරීමට වෙහෙසෙමි..
කලක් නුඹ මගේම විය..
ලගම මිතුරියද නුඹය..
එත් ඒ කලකට පෙරය..
නැවත මම නුඹ සමග එක්ව
මේ ජීවිතය ගෙවීමට
බිදකුදු ආශාවක් නැත්තේමය..
යන්න මා අතැර සදහටම..
කලක් මගේ හොදම මිතුරු
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කදුල
ReplyDeleteහ්ම්ම්ම්ම්..
Deleteකඳුලු ලුනු රසයි නේ....
ReplyDeleteහැ..පිස්සා..:)
Deleteඅන්තිමට කඳුල කියලා කියනකම් මම හිතුවෙම කෙල්ලෙක් ගැනයි මේ කියන්නෙ කියලා..කදිමයි
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ස්තුතියි ගොඩක්..
Deleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
කදුළු තෙත් නැති කාලයක් එයි බොල
ReplyDeleteඔව් නේ බෝල..එතකල් අඩනවා...:)
Deleteකාලෙකට පස්සේ ඩ්‍රීම්ස්.... ඇයි කඳුළු කවියක්?
ReplyDeleteකදුළු මාව බලන්න ඇවිත්..මම බැනලා පැන්නුවා..:)
Deleteස්තුතියි බලන්න ආවට..
හොදම මිතුරා කදුලද ඒ මිතුදම නවත්තපු තරමට හොදයි
ReplyDeleteඔව් සචිත්..නැත්නම් මේ වැඩේ හරි යන්නේ නෑ..
Deleteස්තුතියි ආවට මේ පැත්තට..
අනිත් හමෝම අපිව දාල යද්දී අපි ළඟට එන එකම යාලුවා තමයි කඳුල. ඒත් ඒ යාලුවා ළඟින් ඉන්නකම් හිත පුදුම විදිහට දුකින් පිරිල තියෙනව. ඒ නිසා මාත් ඒ යාලුවට කීප සැරයක්ම කියල තියෙනව යන්න කියල...කෝ ඒත් කියන එකක් අහන්නෙ නෑනෙ එයා :)
ReplyDeleteලස්සනයි dreams කවිය...
අම්මෝ එළවලා දාන්න..ලගින් හිටියට හරි බයානකයි..ස්තුතියි චම්ස්..
Deleteකඳුලට යන්න කියන්නේ??..... ආදරයක ආරම්භයද?
ReplyDeleteනෑ නෑ..:)
Deleteඈතක ගියත් නුබ
ReplyDeleteතාමත් මගේ හිතේ දුරින්
හීනෙක හෝ ජීවත් වෙයන්
මැරෙන්න තව කල් තියෙන නිසා
කදුළු එලවන්න හදන්නේ අපි..මේන් මෙයා එන්නලු..
Deleteekanam attatam harima dukai.mara lassanai........
ReplyDeleteතැන්ක්ස් ගොඩක්..
Deleteඅපිත් අවා මේ පැත්තේ ඇවිත් යන්න බ්ලොග් එක නියමයි ජය
ReplyDeleteස්තුතියි ලහිරු..ලොකු සතුටක්..
Deleteඅපුරු ලස්සන නිර්මාණ කරුවෙක්..හදුනා ගැනිම විසාල සතුටක්...ඔබට ජය
ReplyDeleteහි හී..ගොඩාක් ස්තුතියි අයියේ..ආයේ එන්න ඕනා ඇ..
Deleteවැඩිය දේවල් නං කියන්න දන්නේ නෑ ,
ReplyDeleteමේක ලස්සනට ලියල තියනවා ඔයා :)
ස්තුතියි ලොකු බබෝ..වැඩි දේවල් ඕන නැ..ඔයාගේ පැමිණීම මට වටිනවා..
Deleteආයේ එන්න..
අමුතු අදහසක්.........ලස්සනට ලියවිලා තියෙනවා....හරියට හදවතේ රිද්මයකට ඇහුම්කන් දුන්නා වගෙයි......
ReplyDeleteගොඩක් ස්තුතුයි රන්දු..
Deleteඔබේ සිහින සමග අත් වැල් බැදගන්නට මමත් එනවා අනිවාර්යෙන්ම.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
ස්තුතියි..සමකය වටේ මමත් ගොඩක් බලනවා..ආයේ එන්න..
Deleteඅදම තමයි මේ පැත්තේ ආවේ ..කදුළු ඉතින් ලස්සනයිනේ.
ReplyDeleteඒ වගේම නිසදැසත් ලස්සනයි
ස්තුතියි හිමා..ඔයාගේ බ්ලොග් එකටත් මම ආසයි..
Deleteapith aawa me paththe...enakota kandula ekka tharaha welaa hitapu eka hondayi :)
ReplyDeleteස්තුතියි රෙහානි..ඔයා එන නිසාම තරහා උනා කඳුළු එක්ක..:)
Deletehama dema harima lassanai ..
ReplyDeletemula indan kiawanna gaththa...
digatama liyanna..
aasawen balanawa....
ඔහොම කියද්දී ගොඩක් සතුටුයි..එන්නකෝ එහෙනම් හැමදාම හරිද.
Deleteලස්සන නිර්මාණයක්.. කඳුලට යන්න කිව්ව එක නම් හොඳයි..
ReplyDeleteජයවේවා!!
ස්තුතියි චන්දන..
Deleteකදුළට යන්න කියපු එක නම් හොදයි.... හැබැයි ඔය කදුළ නොදන්වාම අපේ ජිවිත වලට එනවා අප්පා..... මහා කරදරකාරයෙක්.......
ReplyDeleteආයේ ආවොත්නම් මරලා දානවා මම..:)
Deleteආදරයේ සමීපම මිතුරයි කියල කියන්නේ
ReplyDeleteකෝරලේ වලව්ව
ඔය මහත්තයානම් කියයි..අපි එපැයි අඩන්න..:)
Deleteඔහොම මිතුරෝ නම් මොකටද මහත්තයෝ..
මම මේ පැත්තට ආව මුල්ම දවස අදද මංදා..
ReplyDeleteඒ කොහොම වුණත් කවියේ අග දක්වාම ගෙනෙන ව්‍යංගය හරිම වැදගත් . මමත් මලදිම හිතුවේ පෙම්වතෙක් ගැන කියනවාය යන හැඟීමෙන්.
නෑ නෑ කලින් එකසැරයක් ඇවිත් තියනවා.:)
Deleteස්තුතියි..
කඳුල ඉතින් සමාවෙයන්
ReplyDeleteහැ බෑ ඇ..සමාවක් නිදහසක් මෙයින් පසු මගෙන් නෑ.. :)
Delete