Tuesday, March 20, 2012

ආදරයක හමුවීම 3

පලමු කොටස බැලුවද ඔයා...නැත්නම් ඒක බලන්න මුලින්..මේ තියෙන්නේ ඒක.
දෙවෙනි කොටසත් බලන්නකෝ දැන්... මේ තියෙන්නේ ඒක.(2)

තවත් එක දවසක්‌ අනුකයි මමයි ආච්චියි scooby doo බල බල හිටියා.අනුක සෙටියේ,ආච්චිත් එයා එක්‌කම මම එයාලගෙ ඉස්‌සරහින් තිබුන පුටුවේ.
මම එදා ටිකක්‌ අසනීපෙන් හිටියේ.ඔහොම ඉද්දි අනුක කිව්වා ආච්චි වතුර එකක්‌ බොමුද ටීනාට අමාරුයිනේ ගේන්න යන්න.ආච්චිට ගේන්න පුලුවන්ද කියලා.

හ්ම්..ඉන්න.අරන් එන්නම්.ආච්චි ගියා වතුර ගේන්න.

අපි ටීවි එක බලන් ඉන්නවා.

එකපාරටම අනුක ටීවී එක බලාගෙනම ටීනා මම ඔයාට ආදරෙයි කියලා කිව්වා.

මම අනුකගේ මූණ දිහා බැලුවා.බැලුවා නෙමෙයි බැලුනා.මට හිතුනා කිව්ව වෙන දෙයක්‌ මට වැරදිලා එහෙම ටීවී එකේ සද්දෙත් එක්‌ක ඇහුනද කියලා.

ඔව්.මම ඇත්ත කියන්නේ.අනුක මන් දිහා බලාගෙනම ඉන්නවා.

අනේ මේ යන්න අනුක.ආණ්‌ඩුව පෙරලුනා වගේද මේකත්.
මෝඩ joke එපා හරිද.

නැහැ.නැහැ ඇත්තටම.

අනේ මේ පිස්‌සුවත් හැදීගෙන එනවද ඔයාට.මටනම් බැහැ.මේ මොකක්‌ද මේ වෙන්න යන්නේ.ඇගම හිරි වැටිලා යන බයක්‌ දැනුනත් ඒක මට එච්චර දැනුනේ නැහැ කියලා පෙන්වන්නයි මට එයා ගැන තියෙන්නේ සහොදර කමක්‌ නැත්නම් හොදම යාලුකමක්‌ විතරයි කියලා මම එයාට දැනෙන විදියට උන්නා.

හරි ඔයා තව හිතන්නකෝ..

අනුක කට වහගන්න අනේ.ආච්චිත් ඉන්නවා.ආච්චිත් වතුර එක අරන් ආවා.
ආ පුතේ...

අනේ ආච්චියේ මට cool වතුර එකක්‌ ඉල්ලුවේ.

එයා එහෙම කිව්වේ ඉස්‌සර මගෙ ප්‍රශ්න වලින් බේරෙන්න මාව මග ඇරියා වගේ ආච්චිවත් යවා ගන්නයි කියලා දැනුන නිසා මම කිව්වා කෝ ඕක දෙන්න ආච්චියේ මම ගේන්නම් කියලා.

ඔයා ඉන්න මම ගන්නම්.මම ටික දුරක්‌ ගියාටත් පස්‌සේ අනුක එහෙම කියාගෙන ආවා මගේ පස්‌සෙන්.

අනේ අනුක මේ මට හිතන්න දෙයක්‌ නැහැ.මටනම් බැහැ.

අනුක මගේ අතින් ඇල්ලුවා.
හරි මම යනවා.මම ආදරෙයි ඔයාට.එහෙම කිව්ව එයා එකපාරටම ගියා යන්න.මට වචනයක්‌වත් කියන්න තියා හිතන්නවත් අවස්‌තාවක්‌ නොදී එයා ගියා.මමත් බලන් හිටියා ඒ දිහා.දැන් මොනවා වෙයිද ඊලගට කියලා.

මම හිතුවා ආයේ අනුක අපේ ගෙදර එන එකක්‌ නැහැ ඕනනම් ඕක කියව කියව මට මැසේජ් කරයි කියලා.ඒත් එයා වෙනදා වගේම එනවා.කිසි වෙනසක්‌ නැතුවම.ඒ එන හැම වෙලාවකම මම ඔයාට ආදරෙයි කියලත් කිව්වා.ඒ උනත් මම දැන් ඉස්‌සර වගේ වැඩිය විහිලුවට යන්නෙත් නැහැ..
අපි ටීවී බලනවා කිසිම කතාවක්‌ නැතුවම.

ඒත් මේක මගෙ හිතට පුදුම විදියට වදයක්‌ උනා.මනුස්‌සයෙක්‌ට බැනලා ඒ මනුස්‌සයගේ හිත රිද්දන්න මට පුලුවන් කමකුත් නැහැ.එහෙම කියලා එයාට කැමතියි කියලා කියන්නත් බැහැ.හිත හදන්න එහෙම කිව්වත් ඒක ප්‍රශ්නයක්‌ වෙනවා කවදම හරි.

අනුකගෙයි මගෙයි නොගැලපීම් ගොඩක්‌ තිබුනා.ඒ දේවල් යාලුවෙක්‌ විදියට ඉන්නවනම් මට අදාල නොවුනත් ආදරය කරනවානම් මට මගෙ ජීවිතේ ඇපයකට තියනවා හා සමාන වෙනවා.එයා ගත කරන ජීවිතේ අමුතුම එකක්‌.නොදැන ඒ වගේ කෙනෙක්‌ට ආදරේ කෙරුවත්  එයාගෙ හැම දෙයක්‌ම දැනගෙන මට හිත හදන් එයාට ආදරය කරන එක ඇත්තටම ගොඩක්‌ අමාරු දෙයක්‌.මොකද කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ගෙන් බලාපොරොත්තු වෙනවා දෙයක්‌.කෙල්ලෙකුත් කොල්ලෙක්‌ගෙන් යම් දුරකට හරි දෙයක්‌ බලා පොරොත්තු වෙනවනේ.කෙටියෙන්ම කියනවානම් අනුක කියන්නේ හොද හිතක්‌ තියන ඒත් කරන්න පුලුවන් හැමදෙයක්‌ම කෙරුව කෙනෙක්‌.එක වැරැද්දක්‌ නෙමෙයි කරන්න පුලුවන් හැම දේම කෙරුව කෙනෙක්‌.

එක දවසක්‌ එයා ඇඩුවා..
මම බොරු නෙමෙයි ටීනා කරන්නේ මාව විශ්වාස කරන්නකෝ.මටත් ඔයා ඔයාගෙ අයියට දෙන ආදරේ දෙන්න ටීනා.ප්ලීස්‌..
ඔයා අයියට ආදරේ කරනවා දකිද්දි ඔයාලා සතුටෙන් හිනා වෙනවා දකිද්දි ඊරිසියයි..
ඒ ආදරේ තමයි මම හොයන්නේ..හොය හොය හිටියේ.අනේ මටත් ඒ ආදරේ දෙන්නකෝ..මට මනුස්‌සයෙක්‌ වෙන්න ඕනා ටීනා..
මට හැදෙන්න ඕනා..
ඔයාට ඒ දේ කරන්න පුලුවන් කියලා මම දන්නවා.
අනේ මාව මෙච්චර අසරණ කරන්න එපා කෙල්ලෙක්‌ ඉස්‌සරහ මම ***** වෙන්න කැමති නැහැ.ඒත් ඔයාව ඔනා නිසයි කියන්නේ මම මෙච්චර.
අනුක පොඩි දරුවෙක්‌ වගේ අඩ අඩා මගේ ආදරය ඉල්ලනවා.ඒ කඳුලු ඇත්තටමයි.මූණ රතුම රතු වෙලා.මගේ පපුවට පිහියකින් අනිනවා වගේ ඒ දේවල් ඇහෙද්දි.ඒත් හිත හදන් මට එයාට කැමතියි කියන්න බැහැ.අනික මම එයා එක්‌ක පිස්‌සු වැඩ කර කර හිටපු විදියට ආදරේ කරන දෙන්නෙක්‌ වගේ අපිට හැසිරෙන්නත් බැහැ.

දරාගන්න බැරි තරම් දුකක්‌ ආවත් මම ඒක හංගාගෙන අනේ බැහැ අනුක,ඔයා අයියගේ යාලුවා.එයා මරයි මාව.එයා මට කියලා තියෙන්නේ එයාගෙ යාලුවොත් එක්‌ක යාලු උනොත් මගෙ කකුල් දෙක කඩනවා කියලා.ඔයත් ඒක හොදටම දන්නවා.ඔයා ඉද්දිත් ඒක කියනවා නේද අනුක එයා.අනික ගෙදර අයට විශ්වාස නිසයි නැන්දලා උනත් මාව මෙහෙ එවන්නේ.අනික අපි මෙහෙම තිරනයක්‌ ගන්නෙ නැහැ කියලා ඒ අය අපිව විශ්වාස කරනවා.ඔයත් හොදටම දන්නවා අපේ පවුල් වල උනත් නොගැලපීම.ඒ දේවල් දැනගෙන අපි ලන් උනොත් අන්තිමට ඊට වඩා දුක්‌ වෙන්න වේවි.

හරි ඒත් එයාලා තරහ ගන්න ඕනා මම ඔයාව රවට්‌ටනවනම්නෙ..මම එහෙම කරනවනම් මාව මරපුදෙන්..මට එහෙම කරන්න කෙල්ලො ඕනනම් කෙල්ලෙක්‌ ඉස්‌සරහ මෙහෙම අඩන්න ඕන නැහැ.ඒක ඔයත් හොදටම දන්නවා.

ඇත්තටම අනුක කියන්නේ ගොඩක්‌ ලස්‌සන කොල්ලෙක්‌.ඇදුමක්‌ ඇන්දත් ඒක ලස්‌සනට පිලිවලට අඳිනවා.මමනම් ආස එයා ඩෙනිම ඇදලා අත් දිග ශර්ට්‌ එකේ අත වැලමිට ගාවට නවලා අදිනවටයි.එතකොටනම් එයා මාරම ලස්‌සනයි..එයා ගැන දන්නෙ නැති ඕනම කෙල්ලෙක්‌ එයාගෙ ලස්‌සනට අනිවාර්යෙන්ම කැමති වෙනවා.එහෙම කෙල්ලෙක්‌ දුන්න ලිව්මකුත් අනුක මට දවසක්‌ පෙන්නුවා මතකයි..ඇති ඇති අනුකගෙ ලස්‌සන.දැන් ආයෙ කතාව කියන්නම්කො.

එතින් අනුක අරහෙම කිව්වම මම කියලා මොනවා කියන්නද..මම කිව්වේ අනේ මන්දා අනුක කියලයි..
දැන්නම් මට මේක මාර ප්‍රශ්නයක්‌..ඉවරවෙයි මග ඇරෙයි කියලා හිතුවට එන්න එන්නම අනුක ලන්වෙන්නම හදනවා.

මමත් ඉතින් රහත් වෙලායැ..වැරදි මතක්‌ වෙද්දි පිලිකුලක්‌ ඇති උනත් මම මෙච්චර කල් ඒ දේ පෙන්නුවෙත් නැහැ.එහෙම කරන්නත් බැහැ මට.ඒත් මෙච්චර බලාපොරොත්තු ඇති කරවන විදියට කතා කරද්දි අනේ දෙවියනේ මගේ හිත දෙපැත්තට වැනෙනවා.අනුක කියන දේවල්,අයියට කරනවා වගේ ආදරේ මටත් දෙන්න කියපු හැටි මට මැවි මැවී පේනවා.ඒත් ඉතින් නොගැලපීම් ඊට වඩා ඉස්‌සරහින් ඉන්නවා...ඔය දේවල් ගැන ඔහොම ඇදට වෙලා හිත හිත ඉද්දි හැමදාම වගේ දන්නෙම නැතුව මට නින්ද ගිහින්....

මේ කතාව ඊළග පෝස්‌ට්‌ එකෙන්නම් ඉවර කරනවාමයි.එතකන් මේක කියවපු ඔයාලට ස්‌තූතියි.