Saturday, February 25, 2012

කවි සිත 4

ඳු බැඳි සි..

ආලෝකයට
මම ආදරය කල මුත්
දවස දිගු යැයි කියා
ඔබ අඳුර පැමිනෙනතුරු
බලා උන්නා
මට
මතකය.
දැන් නම්
මගේ සිතද මේ
අඳුරු රාත්‍රිය දිගටම
ගලා යයි කියා බලා සිඳී.
කලුවර රාත්‍රියකින්
සැම දෙයක්‌ම වැසී ගියත්
ආලෝකය විසින් කලුවර
පන්නා දැමූ දිනෙක
කලුවරින් වැසී තිබූ සියල්ල
අන් අයද දකීවි.
මම ආලෝකය ඇති විටෙක ඇස්‌ වසා ගතිමි.
ඒ ඔබට
මාද
මට කිසිත්ද
නොපෙනෙන්නටය.එනමුදු
මා සහ මට නොපෙනුන දේ
ඔබට පෙනුනි.
එදා පටන්
මමද
ඔබ මෙන් අඳුරට පෙම්බඳිමි.
එදා ඔබ මෙන් අද
මා ද
ආලෝකය මග හරිමි.
මන්ද ආලෝකය
මට පෙන්වන ඇත්ත දකිමින්
ඉදිරියට යෑමට තරම් සවියක්‌ 
තවද
මට
නැති නිසා...

9 comments:

  1. ලස්සන වචන ටිකක්.ඒත් අහිංසක විරහවක් ....

    ReplyDelete
  2. දෙතුන් සැරයක්ම කියෙව්ව.ලස්සනයි,සංවේදියි....

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වම ආසා හිතුනා..ගොඩක්‌ ස්‌තූතියි ඔයාට..

      Delete
  3. හරිම අපූරුයි... මේ දවස් වල හැමෝම දුක හිතෙන ඒවම කියන්නෙ ඇයි???? ඇතැම් කොටස් මටත් අදාළයි... මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නේ නැද්ද?????????????????????????

    ReplyDelete
    Replies
    1. කරන්නම්..ඒක ඔයාලට කරදරයක්‌ නේද?..ස්‌තූතියි ආවට බලන්න..

      Delete
  4. //මා ද
    ආලෝකය මග හරිමි.
    මන්ද ආලෝකය
    මට පෙන්වන ඇත්ත දකිමින්
    ඉදිරියට යෑමට තරම් සවියක්‌
    තවද
    මට
    නැති නිසා...//

    අඳුරේ පවා දකිනා නිසා සිහිනේ වටී පැතුමට වඩා කියලා කියනවනේ.. මට ඒක මතක්වුණා..
    ඒත් අපි ආලෝකයේ පියවි සිහියට එන්න වෙනවා නේද කවදම හරි..
    දිගු ගමනකට සුබ පැතුම්..!!! :)

    ReplyDelete
    Replies
    1. ඔව්.එන්නනම් ඕනා..එත් බයයි.
      ස්‌තූතියි නන්දු..

      Delete
  5. ස්‌තූතියි වර්ණා..

    ReplyDelete

මේක කියවල මොනවා හරි කියල යන්න. ඒක මට ලොකු සතුටක්.මොනවත් කිවුවේ නැහැ කියල තරහක් නැහැ ඔයාලා එක්ක.

ස්තුතියි!!..