
එක්‌කෝ මම දැන් වැඩට යනවා.නැත්නම් බොසා මාව එලියට දායි කියලා.එහෙම කියද්දි රනුකගේ රටේ වෙලාව සවස 2.30 පමණ.
ඒත් රනුක දැන් ඔයාලට 2.30 නේද? ඔයා ලෑස්‌ති වෙලා වැඩට යද්දි 4 වත් වෙයිනේ. පැය 3ක් වැඩ කරලා වැඩක් නැති නිසා අද ඉන්නකෝ.අපි කතාකරන්නෙත් ගොඩක් දවසකින්නේ රනුක.ඉන්නවද ඔයා.
ටීනා එසේ කියද්දිත් රනුක යා යුතු බව කියා සිටිය නිසා ටීනා ඔහු හා එකග විය.
එහෙනම් රනුක ඔයා ඉක්‌මනින් ලෑස්‌ති වෙන්න.නැත්නම් තවත් වෙලා යනවනේ..
හ්ම්ම්..මම ඔයාට ගොඩක් ආදරෙයි.ඔයා මගෙ පණනේ.මම එනකල් පරිස්‌සමෙන් ඉන්න පැටියෝ.මම ඉක්‌මනින් එන්නම්.
ඔයත් මගෙ පණ. මම ගෙදරනේ ඉන්නේ ඔයා පරිස්‌සමෙන් ගිහින් ඉක්‌මනින් එන්න රනුක.මට පාලුයි.එහෙනම් තියන්නම්.ජේසු පිහිටයි.
එහෙම කියලා ඔවුන් skype එකෙන් සමු ගත්තා.
නිතර නිතර රනුකව මතක් වෙන නිසා ටීනා රනුක ජීවත් වෙන රටේ වේලාවෙන් 4.45ට පමණ call එකක් ගත්තා.ඒ රනුකගේ දුරකතනයට,
ආ වස්‌තුවේ මම මේ යන ගමන්.බස් එකට ඉද්දි යාලුවෙක් හම්බ උනා ඒ පැත්තට යන.මම එයා එක්‌ක ගිහින් එතනින් බහිනවා.මාර ට්‍රැෆික් එකක් පැටියෝ තියෙන්නේ.එත් විනාඩි 10න් යන්න පුලුවන් වෙයි.ලඟ ඉන්නෙ දැන්.
හ්ම්..එහෙනම් මම විනාඩි 10 ගන්නම්කෝ.
ටීනා එසේ කීවේ යම් සැකයක් ඇගේ හිතේ උපන් නිසාවෙනි.
හරි පැටියෝ.විනාඩි 10න් නෙමෙයි 15කින් ගන්න.එතකොට කතා කරන්න පුලුවන්නෙ අපිට.එහෙනම් bye වස්‌තූ..
ටීනාගේ සැකය තේරුම් ගත් රනුක ඔහුගේ අවංක බව ඔප්පු කිරිම සඳහා එසේ කීය.
ටීනාද විනාඩි 20 පසූ රනුකව ඇමතූ නමුත් ඒ වන විට රනුක දුරකතනය විසන්ධි කර තිබුනි.ටීනාට දුකක් දැනුනත් ඇය දිගින් දිගටම කතා කිරීමට උත්සාහ කලා.සවස 6.20 පමන නැවත දුරකතනය ක්‍රියාත්මක වීය..
කොහෙද අනේ ඉන්නෙ ඔයා.ගන්න කියලා off කෙරුවා නේද?
off??පිස්‌සුද ඔයාට.මම මොකටද එහෙම කරන්නේ.
හ්ම්.හ්ම්..හරි දැන් කොහෙද ඉන්නේ?
මම මේ ගෙදර එන ගමන්.බොසා නැහැ.හෙට ඉදන් යනවා.මම call එකක් දැම්මා බොසාට.හෙට උදේ එන්න කිව්වා.
ඉතින් ඔය call එක ගෙදර ඉදන් දාන්න එපායැ.
මොකද ටීනා මේ.මොකද වෙලා තියෙන්නේ?
මොකුත් නැහැ.ගෙදර ඇවිත් skype එන්න.මගෙ සල්ලි නැහැ.
ටීනා එසේ කීවේ දුකකුත් කුතුහලයකුත් සිතැතිවය.
පරිඝණකය අසලට වි බලා සිටියත් රනුක ආවේ රෑ 9.40ටය. කිසිත් නොකියා නොඅසා ටීනා ඔහු සමග කතා කරන්න විය.ඔහුද කිසිත් සිදු නොවු ලෙස මිනිත්තු කිහිපයක් කතා කර
මම wash එකක් දාගෙන එන්නම්.විනාඩි පහක් දෙන්න.යන්න එපා.ඔහොමම ඉන්න.ඉක්‌මනින් එනවා මම යැයි කීය.
හ්ම්ම්...ඒ ටීනාගේ පිළිතුරය.
පැයක් ගතවූ පසු ටීනා නැවත ඔහුව අමතන්න විය.නමුත් no answer ලෙස දිස්‌විය.කලකිරීමකින් හා දුකකින් යුතුව කල්පනාකරමින් සිටින විට ඔහුගෙන් ඇමතුමකි.ඒ පැය දෙකකට පසුවය.නමුත් සිතේ තිබුනු දුක් කොහේ ගියාද ඇති වුයේ මහත් සතුටක් පමණි.
කතාකරන්න පටන් ගත්තත් හෙලෝ හෙලෝ කියන විට ඇමතුම විසන්ධි විය.එත් සමගම ඔහුව offline ලෙස දිස් විය.රනුකගේ රටේ වේලාව 12පමණ.ඒ රනුක ඇමතුම විසන්ධි කර දමා පරිඝණකය off උනා කියලා පෙන්වන්න උත්සාහ කිරීමක් බව ටීනාට ඒ වන විටත් වැටහී ගොසිනි.එදා නැවත රනුක පැමිනියේද නැත..
ටීනා කදුලු පිරුනු දෑසින් යුතුව මෙසේ හිස් අවකාශයට කියා නිදන්නට ගියා..
