
එක්කෝ මම දැන් වැඩට යනවා.නැත්නම් බොසා මාව එලියට දායි කියලා.එහෙම කියද්දි රනුකගේ රටේ වෙලාව සවස 2.30 පමණ.
ඒත් රනුක දැන් ඔයාලට 2.30 නේද? ඔයා ලෑස්ති වෙලා වැඩට යද්දි 4 වත් වෙයිනේ. පැය 3ක් වැඩ කරලා වැඩක් නැති නිසා අද ඉන්නකෝ.අපි කතාකරන්නෙත් ගොඩක් දවසකින්නේ රනුක.ඉන්නවද ඔයා.
ටීනා එසේ කියද්දිත් රනුක යා යුතු බව කියා සිටිය නිසා ටීනා ඔහු හා එකග විය.
එහෙනම් රනුක ඔයා ඉක්මනින් ලෑස්ති වෙන්න.නැත්නම් තවත් වෙලා යනවනේ..
හ්ම්ම්..මම ඔයාට ගොඩක් ආදරෙයි.ඔයා මගෙ පණනේ.මම එනකල් පරිස්සමෙන් ඉන්න පැටියෝ.මම ඉක්මනින් එන්නම්.
ඔයත් මගෙ පණ. මම ගෙදරනේ ඉන්නේ ඔයා පරිස්සමෙන් ගිහින් ඉක්මනින් එන්න රනුක.මට පාලුයි.එහෙනම් තියන්නම්.ජේසු පිහිටයි.
එහෙම කියලා ඔවුන් skype එකෙන් සමු ගත්තා.
නිතර නිතර රනුකව මතක් වෙන නිසා ටීනා රනුක ජීවත් වෙන රටේ වේලාවෙන් 4.45ට පමණ call එකක් ගත්තා.ඒ රනුකගේ දුරකතනයට,
ආ වස්තුවේ මම මේ යන ගමන්.බස් එකට ඉද්දි යාලුවෙක් හම්බ උනා ඒ පැත්තට යන.මම එයා එක්ක ගිහින් එතනින් බහිනවා.මාර ට්රැෆික් එකක් පැටියෝ තියෙන්නේ.එත් විනාඩි 10න් යන්න පුලුවන් වෙයි.ලඟ ඉන්නෙ දැන්.
හ්ම්..එහෙනම් මම විනාඩි 10 ගන්නම්කෝ.
ටීනා එසේ කීවේ යම් සැකයක් ඇගේ හිතේ උපන් නිසාවෙනි.
හරි පැටියෝ.විනාඩි 10න් නෙමෙයි 15කින් ගන්න.එතකොට කතා කරන්න පුලුවන්නෙ අපිට.එහෙනම් bye වස්තූ..
ටීනාගේ සැකය තේරුම් ගත් රනුක ඔහුගේ අවංක බව ඔප්පු කිරිම සඳහා එසේ කීය.
ටීනාද විනාඩි 20 පසූ රනුකව ඇමතූ නමුත් ඒ වන විට රනුක දුරකතනය විසන්ධි කර තිබුනි.ටීනාට දුකක් දැනුනත් ඇය දිගින් දිගටම කතා කිරීමට උත්සාහ කලා.සවස 6.20 පමන නැවත දුරකතනය ක්රියාත්මක වීය..
කොහෙද අනේ ඉන්නෙ ඔයා.ගන්න කියලා off කෙරුවා නේද?
off??පිස්සුද ඔයාට.මම මොකටද එහෙම කරන්නේ.
හ්ම්.හ්ම්..හරි දැන් කොහෙද ඉන්නේ?
මම මේ ගෙදර එන ගමන්.බොසා නැහැ.හෙට ඉදන් යනවා.මම call එකක් දැම්මා බොසාට.හෙට උදේ එන්න කිව්වා.
ඉතින් ඔය call එක ගෙදර ඉදන් දාන්න එපායැ.
මොකද ටීනා මේ.මොකද වෙලා තියෙන්නේ?
මොකුත් නැහැ.ගෙදර ඇවිත් skype එන්න.මගෙ සල්ලි නැහැ.
ටීනා එසේ කීවේ දුකකුත් කුතුහලයකුත් සිතැතිවය.
පරිඝණකය අසලට වි බලා සිටියත් රනුක ආවේ රෑ 9.40ටය. කිසිත් නොකියා නොඅසා ටීනා ඔහු සමග කතා කරන්න විය.ඔහුද කිසිත් සිදු නොවු ලෙස මිනිත්තු කිහිපයක් කතා කර
මම wash එකක් දාගෙන එන්නම්.විනාඩි පහක් දෙන්න.යන්න එපා.ඔහොමම ඉන්න.ඉක්මනින් එනවා මම යැයි කීය.
හ්ම්ම්...ඒ ටීනාගේ පිළිතුරය.
පැයක් ගතවූ පසු ටීනා නැවත ඔහුව අමතන්න විය.නමුත් no answer ලෙස දිස්විය.කලකිරීමකින් හා දුකකින් යුතුව කල්පනාකරමින් සිටින විට ඔහුගෙන් ඇමතුමකි.ඒ පැය දෙකකට පසුවය.නමුත් සිතේ තිබුනු දුක් කොහේ ගියාද ඇති වුයේ මහත් සතුටක් පමණි.
කතාකරන්න පටන් ගත්තත් හෙලෝ හෙලෝ කියන විට ඇමතුම විසන්ධි විය.එත් සමගම ඔහුව offline ලෙස දිස් විය.රනුකගේ රටේ වේලාව 12පමණ.ඒ රනුක ඇමතුම විසන්ධි කර දමා පරිඝණකය off උනා කියලා පෙන්වන්න උත්සාහ කිරීමක් බව ටීනාට ඒ වන විටත් වැටහී ගොසිනි.එදා නැවත රනුක පැමිනියේද නැත..
ටීනා කදුලු පිරුනු දෑසින් යුතුව මෙසේ හිස් අවකාශයට කියා නිදන්නට ගියා..

ඕනෑවට වැඩිය ලංවෙන්න යද්දී ඒ දේවල් අපෙන් ඈත් වෙනවා.
ReplyDeleteහ්ම්..ඒත් ආදරය වැඩි කමටම ඒ දේ එහෙමමද කියලා ඒ වෙලාවට දැනෙන්නේ නැති එකනම් ප්රශ්නයක්.
Deleteආදරයත් වෙලාවකට හරිම පුදුමයි යාලු.ගොඩ වෙලාවකට අපිව සනසවන ඒ ආදරයම තවත් වෙලාවක හිතට මහ දුකක් එකතු කරනව... :(
ReplyDeleteඇත්තටම.ගොඩක් රිද්දනවා ආදරය.එච්චරම රිදෙන්නේ ආදරය වැඩි නිසාම වෙන්න ඇති.
Deleteගොඩක්ම රිදවීම් නම් ආදරේ වැඩිනිසා වෙන්න පුලුවන්ද?
ReplyDeleteසමහර විට ඒක මගහැරීමක් වෙන්නත් පුලුවන්..
Deleteමාත් ඔය විදියටම රැවටුනා කාලයක්.....ඔයා 'අසරනය'ට දීල තියන පිලිතුර තමා මටත් කියන්න තියෙන්නෙ...මේක අපේ මෝඩ කම කියල නම් තාම මම පිලිගන්නෙ නැහැ....!!
ReplyDeleteඑහෙනම් මොකක් නිසාද කිරිල්ලි.ඇතැම් කොල්ලොන්ගේ තියෙන කපටි කම නිසාද?
Deleteඔව් කිරිල්ලි.අවංක ආදරය මෝඩ කමක් නෙමෙයි.ඒත් ඒ ආදරය වෙන දේවල් පස්සේ දුවලා නැති කර ගන්න කෙනානම් මහ මෝඩයෙක්..අවංක කෙනා හැමවෙලේම හිතන්නේ ආදරය රැක ගන්න.ඒ නිසා දුකත් සතුටක් කියලා හිතනවා.
Deleteකොල්ලෝ ගැන තේරුම් ගන්න අමාරුයි..
ReplyDeleteඑක නෙමෙයි නගෝ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරමු නේද
ඒක ඇත්ත.කොල්ලෝ කියන්නෙ හිතේ එකක් තියාගෙන කටින් තව එකක් කියන අය.ස්තූතියි ඔයාට.දිගටම එන්න.
Deleteමේක ඇත්තම කතාවක් නම්, රනුක කියන පුද්ගලයත් එක්ක තාම සම්බන්දතාවය තියෙනව නම් තාම පරක්කු නෑ... ඒ වුනත්, ඔයා හිතන්නෙ ඒ පුද්ගලය ඔයාව රවට්ටනව කියල නම් ඒ සම්බන්දෙ නවත්තන එක ඔයාට කෙසේ වෙතත් කොල්ලට හොඳයි ;)
ReplyDeleteකෙල්ලෙක්ට දවසම කොල්ල එක්ක කතා කරන්න පුළුවන් වුනත් ඒ දේ කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන එක නම් වැරදී... මොකද කෙල්ලොයි කොල්ලොයි එකම විදිහට ෆන්ෂන් වෙලා නැති හින්ද... ඔයා තමන්ගෙ පෙම්වතාගෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ පෝස්ට් එකේ කියල තියෙන විදිහට දවසම කතා කර කර ඉන්න එක, කියන වෙලාවට ආපහු කෝල් කරන එක නම්, ඒ වගේ දේවල් කොල්ලන්ට මානසික වදයක් විතරයි...
රනුකගෙ චරිතෙ ජීවත් වෙලා තියෙන හින්දයි මේ ටික කිව්වෙ... අන්තිමට වුනේ මම කොයිතරම් ආදරේ වුනත් ඒ කෙල්ලව අතඇරපු එක... අදටත් යාළුවො විදිහට ආස්සරේ කරනව.... තාමත් ඒ කෙල්ලට ආදරේ කලත්,ආපහු එයත් එක්ක එෆෙයාර් එකක් නම් පටන්ගන්නෙ නෑ... අන්තිමට කියන්න තියෙන්නෙ කෙල්ලෙක්ට ආදරේ කියන්නෙ ජීවිතේ වුනත් කොල්ලෙක්ට ආදරේ කියන්නෙ සම්පූර්ණ ජීවිතේ නෙමෙයි...
සාතන් අයියගේ කමෙන්ට් එකට එකගයි..
Deleteහැමවෙලේම හිතන්න ඕනා අපි හැමෝම අපි හිතන විදියට නෙමෙයි අනිත් මිනිස්සු හිතන්නේ කියලා.
හැමවෙලේම අපි කෝල් කරන්නේ ආදරේ නිසා බව ඇත්ත, එත් පිරිමි කෙනෙක්ට සමහර විට , ඒ එයාව අවිශ්වාස කරන නිසා හැමවෙලේම කෝල් කරනවාද කියලා හිතෙන්න පුළුවන්..
කොච්චර ආදරේ කලත් දෙපාර්ශවයම හීන ලෝකවල ජිවත් නොවී ඇත්තට මුහුණ දෙමු..
ඔව්.ඔයාලගේ අදහස් උපදෙස් මට ගොඩක් වටිනවා.මම කෙල්ලෙක්ගෙ තැන ඉදන් මේ දේවල් බැලුවට කොල්ලෙක් හිතන විදිය වෙනස් වෙන්න පුලුවන්.ස්තූතියි ඔයාලාට.. ආයෙත් එන්න.
Deleteඅපොයි වින්වැට් කිරිල්ලිගේ සීන් එකේ අනිත් එක වගේ..
ReplyDeleteබ්ලොගේ ලින්කුව දුන්නේ අසරණයාය :)
ජය පතමි.. !
ම්ම්...ඇත්තටම මට අත දෙන හොද යහලුවෙක් අසරණයා.මාව දිරිමත් කරන්න ආව ඔයාටත් ගොඩක් ස්තූතියි.
Deleteදෙන්නට දෙන්න තේරුම් ගැනීම හරිම වැදගත්... ජය වේවා නගෝ...!!!
ReplyDeleteමාව බලන්න ආවට ඔයාටත් ස්තූතියි ශානි අක්කේ.
Deleteසමාවෙන්ට ඈ..
ReplyDeleteරනුකද????????????
අණුකද??????????
එකම ටීනාද?????
ටීනලා දෙන්නෙක්ද????
දෙන්නෙක්.දෙන්නෙක්.මම ආස නම් දෙකක්.මේ කතාව ටිකක් මගෙ වගේ.අරක වෙනම එකක්.එක වගේ නම් දැම්මේ ලේසියට අනේ.
Delete