Thursday, May 3, 2012

සල්ලාල ඔහුගේ ගමන..


අද මම මෙතන ඉන්නේ මම කරපු කියපු දේවල් නිසා.මම ගොඩක් වැරදි කෙරුවා..ඒ වැරදි වලට අද මට පිළිතුරක් ලැබිලා..මම ජීවත් උන විදිහට සමහර විට මේ දඩුවම මට හොඳ වැඩි වෙන්න පුළුවන්.මොනවා උනත් ඒ හැම දෙයක්ම මම මෙතන හරි ගස්සනවා..ඒ වැරදි හදාගන්නවා..ඒ හැම දේම මෙතනම දාලයි මම ලෝකෙට එකතු වෙන්නේ..ලඟින්ම හිටිය යාලුවෝ මාව ඈත් කරලා..මගේ නෑදෑයෝ මන් නිසා ගොඩක් ලැජ්ජා උනා..මගේ බිරිඳ මන් වෙනුවෙන් ගොඩක් දුක් වින්දා අදත් එයා මන් නැති අඩුවෙන් දුක් විදිනවා..මම ආයේ කවදාවත් වැරද්දක් කරන්නේ නැහැ..මම මගේ උත්සාහයෙන් මගේ වැරදි හදන් අලුත් විදිහකට මගේ ජිවිතේ දිහා බලනවා.ලස්සනට ජීවත් වෙනවා.ලස්සන පවුලක් හදනවා.(දින 363 ක්)

(364 වන දිනය)
හෙට මම මෙතනින් නිදහස් වෙනවා..අරූ තවම එහෙ ඉන්නවද දන්නේ නැහැ..ගිය ගමන් ඌව හොයන මොනවා හරි කරන්න ඕනා.

පාරේදී හමුවන මුල්ම යහළුවාගෙන්
මේ අරුගේ නොම්මරේ තියනවද බන්?හවස සෙට් වෙමු ආ..කොහෙද බන් දැන් බඩු තියෙන්නේ ගන්න.අවුරුද්දක ටුවර් එකක්නේ..ඔක්කොම වෙනස් වෙලා වගේ බන්..

යාළුවා
ආයේ ඔවා කරන්න එපා බන්.දැන්වත් මනුස්සයෙක් වෙයන්.බලපන් උබේ මුනත් එලිය වැටිලා දැන්.ලස්සනට ඉදපන්කෝ..



පිස්සුද බන් දැන් ඉතින් ගෙදර වගේ තමයි මට.ඇතුලෙත් එකයි එලියෙත් එකයි.බයික් එකක් හොයා ගනින්.ගිහින් මොනවා හරි කරගෙන එමු.අතේ සල්ලිත් නැහැ.එපා වෙලා ඉන්නේ බන්.



බිරිඳ
ඔයා මට පොරොන්දු උනා හොඳ කෙනෙක් වෙනවා කියලා.ඇයි මේ?ආයෙත් ඇයි පරණ වලටම වැටෙන්න හදන්නේ?


ඇයි මට මොකද වෙලා තියෙන්නේ.උඹලට මාව පෙන්වන්න බැහැ.මට මොනාද කරන්න කියන්නේ.මම යනවා..ආයෙනම් මාව හොයන් එන්න එපා.මම අද ඉදලා මට ඕනා විදිහටයි ජීවත් වෙන්නේ.
(නිදහසට කියන මුල්ම හේතුව..බොරු ආරවුල්..අවසානයට අත වැනිම.)



නෑදෑයෝ
අපෝ අරූ ආයෙත් අපිට ලැජ්ජා කරනවා.හැදෙන එකෙක්නම් නෙමෙයි කවදාවත්ම.අනේ අපේ පවුලේත් ඉපදුනානේ මෙහෙම එකෙක්..

මාස දෙකකට පසු
වසර දෙකක සිරදඩුවම හා නැවත පසුතැවීම...