Tuesday, November 27, 2012

කවි සිත

නු පා..
 
මා නුඹව අතැර බොහෝ කල් නමුදු
විටින් විට මා නෙත් අගට පැමිණ
නුඹව මතකයට නගවන්නේ ඇයි...
තවද නුඹට ලං වෙනු තරම්
ශක්තිමත් සිතක් ඇති
ගැහැනියක නොවන බව දැන දැනම
මෙලෙස මා වෙතට එන්නේ
කුමක් බලාපොරොත්තුවෙන්ද..
නුඹට දීමට තරම් වටිනා දෙයක්
තවද මා සතුව නැත..
තිබේනම් ඒ නුඹවම මිස වෙන කිසිවක්ද නොවේ..
වටිනා සියල්ල අහිමි වන විට
මට දායාද කර ගියේ නුඹවය..
නමුත්
මමද දැන් නුඹව ඈත් කිරීමට වෙහෙසෙමි..
කලක් නුඹ මගේම විය..
ලගම මිතුරියද නුඹය..
එත් ඒ කලකට පෙරය..
නැවත මම නුඹ සමග එක්ව
මේ ජීවිතය ගෙවීමට
බිදකුදු ආශාවක් නැත්තේමය..
යන්න මා අතැර සදහටම..
කලක් මගේ හොදම මිතුරු
මිතුර කඳුල..

46 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කදුල

    ReplyDelete
  2. කඳුලු ලුනු රසයි නේ....

    ReplyDelete
  3. අන්තිමට කඳුල කියලා කියනකම් මම හිතුවෙම කෙල්ලෙක් ගැනයි මේ කියන්නෙ කියලා..කදිමයි

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක්..
      නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

      Delete
  4. කදුළු තෙත් නැති කාලයක් එයි බොල

    ReplyDelete
    Replies
    1. ඔව් නේ බෝල..එතකල් අඩනවා...:)

      Delete
  5. කාලෙකට පස්සේ ඩ්‍රීම්ස්.... ඇයි කඳුළු කවියක්?

    ReplyDelete
    Replies
    1. කදුළු මාව බලන්න ඇවිත්..මම බැනලා පැන්නුවා..:)
      ස්තුතියි බලන්න ආවට..

      Delete
  6. හොදම මිතුරා කදුලද ඒ මිතුදම නවත්තපු තරමට හොදයි

    ReplyDelete
    Replies
    1. ඔව් සචිත්..නැත්නම් මේ වැඩේ හරි යන්නේ නෑ..
      ස්තුතියි ආවට මේ පැත්තට..

      Delete
  7. අනිත් හමෝම අපිව දාල යද්දී අපි ළඟට එන එකම යාලුවා තමයි කඳුල. ඒත් ඒ යාලුවා ළඟින් ඉන්නකම් හිත පුදුම විදිහට දුකින් පිරිල තියෙනව. ඒ නිසා මාත් ඒ යාලුවට කීප සැරයක්ම කියල තියෙනව යන්න කියල...කෝ ඒත් කියන එකක් අහන්නෙ නෑනෙ එයා :)
    ලස්සනයි dreams කවිය...

    ReplyDelete
    Replies
    1. අම්මෝ එළවලා දාන්න..ලගින් හිටියට හරි බයානකයි..ස්තුතියි චම්ස්..

      Delete
  8. කඳුලට යන්න කියන්නේ??..... ආදරයක ආරම්භයද?

    ReplyDelete
  9. ඈතක ගියත් නුබ
    තාමත් මගේ හිතේ දුරින්
    හීනෙක හෝ ජීවත් වෙයන්
    මැරෙන්න තව කල් තියෙන නිසා

    ReplyDelete
    Replies
    1. කදුළු එලවන්න හදන්නේ අපි..මේන් මෙයා එන්නලු..

      Delete
  10. ekanam attatam harima dukai.mara lassanai........

    ReplyDelete
  11. අපිත් අවා මේ පැත්තේ ඇවිත් යන්න බ්ලොග් එක නියමයි ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු..ලොකු සතුටක්..

      Delete
  12. රැ ඩැනියෙල්December 5, 2012 at 7:28 AM

    අපුරු ලස්සන නිර්මාණ කරුවෙක්..හදුනා ගැනිම විසාල සතුටක්...ඔබට ජය

    ReplyDelete
    Replies
    1. හි හී..ගොඩාක් ස්තුතියි අයියේ..ආයේ එන්න ඕනා ඇ..

      Delete
  13. වැඩිය දේවල් නං කියන්න දන්නේ නෑ ,
    මේක ලස්සනට ලියල තියනවා ඔයා :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු බබෝ..වැඩි දේවල් ඕන නැ..ඔයාගේ පැමිණීම මට වටිනවා..
      ආයේ එන්න..

      Delete
  14. අමුතු අදහසක්.........ලස්සනට ලියවිලා තියෙනවා....හරියට හදවතේ රිද්මයකට ඇහුම්කන් දුන්නා වගෙයි......

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතුයි රන්දු..

      Delete
  15. ඔබේ සිහින සමග අත් වැල් බැදගන්නට මමත් එනවා අනිවාර්යෙන්ම.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..සමකය වටේ මමත් ගොඩක් බලනවා..ආයේ එන්න..

      Delete
  16. අදම තමයි මේ පැත්තේ ආවේ ..කදුළු ඉතින් ලස්සනයිනේ.
    ඒ වගේම නිසදැසත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිමා..ඔයාගේ බ්ලොග් එකටත් මම ආසයි..

      Delete
  17. apith aawa me paththe...enakota kandula ekka tharaha welaa hitapu eka hondayi :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානි..ඔයා එන නිසාම තරහා උනා කඳුළු එක්ක..:)

      Delete
  18. hama dema harima lassanai ..
    mula indan kiawanna gaththa...
    digatama liyanna..
    aasawen balanawa....

    ReplyDelete
    Replies
    1. ඔහොම කියද්දී ගොඩක් සතුටුයි..එන්නකෝ එහෙනම් හැමදාම හරිද.

      Delete
  19. ලස්සන නිර්මාණයක්.. කඳුලට යන්න කිව්ව එක නම් හොඳයි..
    ජයවේවා!!

    ReplyDelete
  20. කදුළට යන්න කියපු එක නම් හොදයි.... හැබැයි ඔය කදුළ නොදන්වාම අපේ ජිවිත වලට එනවා අප්පා..... මහා කරදරකාරයෙක්.......

    ReplyDelete
    Replies
    1. ආයේ ආවොත්නම් මරලා දානවා මම..:)

      Delete
  21. ආදරයේ සමීපම මිතුරයි කියල කියන්නේ
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඔය මහත්තයානම් කියයි..අපි එපැයි අඩන්න..:)
      ඔහොම මිතුරෝ නම් මොකටද මහත්තයෝ..

      Delete
  22. මම මේ පැත්තට ආව මුල්ම දවස අදද මංදා..

    ඒ කොහොම වුණත් කවියේ අග දක්වාම ගෙනෙන ව්‍යංගය හරිම වැදගත් . මමත් මලදිම හිතුවේ පෙම්වතෙක් ගැන කියනවාය යන හැඟීමෙන්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කලින් එකසැරයක් ඇවිත් තියනවා.:)
      ස්තුතියි..

      Delete
  23. කඳුල ඉතින් සමාවෙයන්

    ReplyDelete
    Replies
    1. හැ බෑ ඇ..සමාවක් නිදහසක් මෙයින් පසු මගෙන් නෑ.. :)

      Delete

මේක කියවල මොනවා හරි කියල යන්න. ඒක මට ලොකු සතුටක්.මොනවත් කිවුවේ නැහැ කියල තරහක් නැහැ ඔයාලා එක්ක.

ස්තුතියි!!..