Monday, February 20, 2012

කවි සිත 3

මුවෙමු සිහිනෙන්..

පහන් දොරින් අදුර තිමිර
ඉරා මගේ ලොව එලිකොට
නිදා සිටින මගෙ යහනට
අරුණලු රැස්‌ කැටි පොදි කොට
ගව් ගානක්‌ ඈත සිටන්
සිතිවිලි දැහැනින් මැදි කොට
අද රෑටත් මගෙ යහනෙදි
වැළඳ ගන්න කියමි ඔබට....
දෑසෙ පිරුනු කදුලු බිංදු
සෙනෙහස දැක සැගවෙනකොට
මහදේ ඇති අදුරු තිමිර
පාවී යයි හිස්‌ අහසට
පොකුරු පොකුරු සිතිවිලි එයි
මා නිදනා නිදි යහනෙදී
දෑස්‌ පියන් පත් හරිනෙමි
සිනහ සිතින් අරුණෝදෙදි....
අදත් මගේ නිදි යහනෙදි
හමු වෙමු අපි පෙරදා මෙන්
නොවෙයි දුරක ඔබ සිටින්නේ
සැමදාමත් මගේ වෙමින්
පාට පාට හීන පොකුරු
සිත් ගැඹ තුල පිබිදෙනකොට
දහස්‌ ගණන් සිතුම් පැතුම්
ඉදි වෙනු ඇත
නුඹ
වටකොට...

No comments:

Post a Comment

මේක කියවල මොනවා හරි කියල යන්න. ඒක මට ලොකු සතුටක්.මොනවත් කිවුවේ නැහැ කියල තරහක් නැහැ ඔයාලා එක්ක.

ස්තුතියි!!..