Sunday, March 11, 2012

ආදරයක හමුවීම 1

ඔන්න මේකේ තියන නම් ගම් බොරු.ඒත් මේක ඇත්තම ආදර කතාවක්‌ පටන් ගත්තු විදිහක්‌ තියෙන්නේ.හැබැයි ලියන්න ලේසි වෙන්න මේ කතාව මම මගේ කර ගත්තට මේක මගෙ යාලුවෙක්‌ගේ කතාවක්‌.


ම්ම්...ඒකනම් ලස්‌සනම කාලයක්‌.විභාගෙත් ඉවරයි..පුදුම නිදහසක්‌ දැනෙන්නේ.ඒත් ඉතින් කරන්න දේකුත් නැහැ.දවල් වෙනකල්ම නිදි තමයි.කම්මැලිකම යන්නත් එක්‌ක මම cource එකක්‌ කරන්න පටන් ගත්තා.ඒක අවුරුද්දක courceඑකක්‌.

ඒත් ඉතින් ඇතුල් වෙද්දිම මාස දෙකකුත් පහු වෙලා.අකමැත්තෙන් උනත් මගෙ result හොදයි කියලා මාව අරගත්තා.හෙට ඉදන් එන්නත් කිව්වා.මමත් දැන් ඉතින් ආසාවෙන් හෙට වෙනකල් බලන් හිටියා.ඔන්න ඉතින් හෙට දවසත් උදා උනා.ඒත් ඒ වෙලාවෙනම් හිතුනා යාලුවෙක්‌වත් නැතුව ඉන්න ගිහාම එපා වෙයි කියලත්.මොනා කරන්නද..නවතින්නත් බැහැනේ දැන්.මම ගියා..

අප්පේ ගිය වෙලේ ඉදන් ප්‍රශ්න ගොඩයි.එක එක්‌කෙනා ඇවිත් අහනවා school ගියේ කොහෙද.age එක කීයද?homeඑක කොහෙද..හි හී කට්‌ටියගේ මාර ඇඩ් එකක්‌ තිබුනෙ.හිනා වෙනවයි.ඔයා කොහොමද මේකට ආවේ.දැන් කාවවත් ගන්නේ නැහැනේ.ඔය වගේ එක එක දේවල්.මට දැන් මාර ලැජ්ජාව.අහන ඒවට උත්තර දීලා බිම බලන් හිටියා.
ඒ cource එකටම හිටියේ පිරිමි ළමයි දෙන්නයි.වදයක්‌ නොවි හිටියනම් ඒ ඒ දෙන්නා විතරමයි.

එදා මම ඇදන් ගිය විදියත් ඒකට හේතුවක්‌ වෙන්න ඇති.කොට සුදු සායයි නිල් පාට blouse එකයි.ගෙදර අය දන්නවයැ cource වලට කෙල්ලෝ එන විදිය ගැන.මුල්ම දවස නිසා චාම් එකට යන්න කිව්ව නිසා මමත් එහෙම ගියා ගොඩයෙක්‌ වගේ.දැන් ඉතින් මොනා කරන්නද..

ඔන්න ටික වෙලාවකින් ක්‌ලාස් එක පටන් ගත්තා.උදෙන්ම ආවේ ඉංග්‍රිසි සර්..එයත් ආව ගමන් ඉංග්‍රිසියෙන් ප්‍රශ්න ගොඩක්‌ අහන්න ගත්තා.ටිකක්‌ වෙව්ලන්නත් ගත්තා.ඒත් ඉතින් උත්තර ටික ගැටගහගත්තා.සර් කිව්වා ශා හොඳටම හොඳයිනේ කියලා.මට තනියම හිනා.පොඩිකාලේ ඉදන් විභාගේ ගන්නකල්ම my self රචනා ලිව්ව නිසා හොඳට ගියා.ඊට පස්‌සෙ ළමයිනුත් ටික ටික මට ලන් උනා.අපි දැන් කන්නෙ බොන්නෙ ඔක්‌කොම එකට.

ඒත් තවත් ටිකක්‌ ලගින්ම ඉන්නත් වෙනම යාලුවො තුන්දෙනෙක්‌ හම්බවුනා.මමයි හතරයි.දැන් නිවාඩු දවස්‌ වල එයාලා අපේ ගෙදර එනවා.මම එයාලගෙ ගෙවල් වල යනවා.එයාලා ටිකක් ‌දුර ඉන්නේ.එක්‌කෙනෙක්‌ ජා-ඇල,එක්‌කෙනෙක්‌ කටුනායක,එක්‌කෙනෙක්‌ ගම්පහ.ඉතින් දුර නිසා අපි ඔක්‌කොටම ඉක්‌මනින් හම්බවෙන්න පුලුවන් ලඟ තැන් වලත් හම්බවුනා.ගෙවල් වල යන්නේ නැති දවස්‌ වලට එයාලගෙ යාලු වෙලා ඉන්න අයියලත් ආවා අපිත් එක්‌ක.කටුනායක එක්‌කෙනයි මමයිනම් තනියම.මොනා කෙරුවත් අපි theory කාලේ ක්‌ලාස්‌ නම් කට්‌ කෙරුවෙ නැහැ.ඒත් ඉතින් ටික කාලෙකින් අපිට practicle වලට යන්න උනා.ටිකක්‌ ඈත් උනත් අපි පුලුවන් වෙලාවල් වලට හම්බ උනා.අර අයියලත්.ඔය කාලේ ඉතින් මටත් හිතුනා මටත් කොල්ලෙක්‌ හිටියනම් කියලා.අනිත් ක්‌ලාස්‌ එකේ පිරිමි ළමයෙක්‌නම් පස්‌සෙන් ආවා.ඒත් මම ආස නැහැ.එයා කෙල්ලො එක්‌ක දගලනවා වැඩියි.මම කැමති උනේ ටිකක්‌ ආඩම්බර කොල්ලෙක්‌ට.ඔය කාලේ අයියගේ යාලුවොත් ගෙදර එනවා.ඒත් ඒවා හරියන්නේ නැහැ අයියත් එක්‌ක.

අපිට ලොකු ගෙයක්‌ තිබුනට මම හිටියේ නැන්දලාගේ ගෙදර.ඒ කියන්නේ එහා ගෙදර.අපේ ගෙදර හිටියේ අයියයි ආච්චියි.මමත් ඉතින් දවල්ට අපේ ගෙදරම තමයි.නිදා ගන්න අහරේ යනවා.

අයියගේ යාලුවො මගෙත් යාලුවො වගේ.සමහර අය සහෝදරයො වගේ.අනුක කියන්නේ අයියගෙ හොඳම යාලුවා. ඒත් එයාගෙ විකාර hair style නිසාම මට එයාව පේන්න බැහැ.එයාට අපි නමකුත් දැම්මා අන්නාසි මල කියලා.එයානම් ඒක දන්නෙ නැහැ.මමත් අර ක්‌ලාස්‌ එකේ වගේ අනුක ආව වෙලේ ඉදන්ම ප්‍රශ්න අහනවා.ඔයා මොනවා කරන කෙනෙක්‌ද, ගෙවල් කොහෙද ඔය වගේ මට ඕන්නැති දේවල්.ඒත් එහෙම හොයන්නේ අයියා යන එන තැන් දැනගන්නත් එක්‌ක.ඒක නිසාමද කොහෙද අනුක පස්‌සෙ පස්‌සෙ ගෙදර එද්දි හැමදාම මිදුලෙදිම කියාගෙන එන්නේ නංගි වතුර එකක්‌ දෙනවද කියලා.ගොඩක්‌ වෙලාවට වතුර දුන්නම ආයේ කියනවා අනේ cool වතුර එකක්‌ ඕනා කියලා.මම ඉතින් ආයේ යනවා.හැමදාම එකම එක කියන නිසා මමත් අනුකව දකිද්දීම කියනවා මේ අදනම් ඔයා ගිහින් වතුර බී ගන්න කියලා.පස්‌සෙනම් කිව්වා ඉතින් වතුර ඉල්ලන්නේ මගෙ ප්‍රශ්න වලින් බේරෙන්නයි එයාට හිතෙන දේවල් මග අරින්නයි කියලා.

ඉතින් ඔහොම ඔහොම ටික කාලයක්‌ යද්දි අයියා තනියම නිසා අනුකව අපේ ගෙදර නතරකර ගත්තා.මමත් නැන්දා ලඟනේ.

ගෙදර කෑම හදන්නේ ආච්ච්.මමත් එයාට උදව්වට එනවා දවල්ට.අනුක ගෙදර ඉන්නවනම් එයත් අපිට උදව් වෙනවා.අයියානම ආවොත් වැඩ වැඩි කරලයි යන්නෙ.ඕන් දැන් දෙන්නම ජොබ් එකකටත් යනවා.මහංසි වෙන කොල්ලෝ දෙන්නනේ කියලා අපිත් ඉතින් දැන් වැඩිපුරත් සලකනවා.මම දවසක්‌ ආච්චිට උදව් වෙලා නැන්දලගෙ ගෙදර යන්න ගියා.ගෙදරින් එලියට යන්න දොරවල් 3ක්‌ තියනවා.මම ඉතින් ලගම දොරෙන් ඒ කියන්නේ අයියගේ කාමරේ ළඟ දොරෙන් යන්න ගියා.ළඟින් ගියාට මම ඒක ඇතුලට යන්නෙම නැහැ.
ඒ වෙලාවෙ අයියා බාත් රූම් එකේ.ඔක්‌කෝටම යනවා කියාගෙන එතනින් යද්දිම අනුක මොනව හරි දෙයක්‌ මාව දැකලා එක පාරටම පිටිපස්‌සට කරලා හංගගෙන හිනා උනා.මමනම් දැක්‌කා මොකක්‌ද කියලා.ඒත් දන්නෙ නැහැ වගේ මොනාද ආ ඒ හංග ගත්තේ.බලමු.බලමු.
මම එහෙම කියද්දි මොකුත් නැහැ අනේ කියලා අනුක කිව්වා.මමත් ගියා දැන් කාමරේ ඇතුලටම.මම හිතන්නේ අවුරුදු දෙකකට විතර පස්‌සේ ගියේ.
මොකුත් නැත්නම් හැංගුවේ??

නැහැ..නැහැ...මේ මේ සිගරට්‌ එකක්‌...

ආ ඇත්තට..හොදයිනේ..

හරි හරි බොන්නේ නැහැ.

එහෙම කියද්දි මම අනුකට අතට හරි කකුලට හරි පාරවල් දෙක තුනක්‌ ගහලා බැන බැනම යන්න ගියා.අනුකටනම් හිනා.එහෙම කෙරුවෙ අනුකත් දැන් මට මගේම කෙනෙක්‌ වගේ අපේ ගෙදරම අපිත් එක්‌ක එකටම ඉන්න නිසයි.මම හිතන්නේ අනුකටත් එහෙම හිතෙන්න ඇති.

ටික කාලෙකින් අනුකගේ අම්මා රට ඉදලා ආවා කියලා එයා ගෙදර ගියා අම්මා එක්‌ක ඉන්න.එයාලා හිටියේ ලොකු අම්මා ගාවලු.මමනම් දැකලවත් තිබුනේ නැහැ.අයියයි අනුකයි තමයි කියන්නේ.ගියා ගියාමයි සද්දයක්‌වත් නැති නිසා මම දවසක්‌‌ අනුකගේ අම්මට කෝල් කෙරුවා.ඒකත් අහම්බෙන් හම්බ උනේ.ඒ ආන්ටිම මට දවසක්‌ කතා කරලා අනුක අපේ ගෙදරද කියලා ඇහැව්වා.ඉතින් මම ඒ නම්බර් එකට ගත්තා.ඒ වෙලාවෙ අනුකගේ අම්මනම් කිව්වේ එයා ඇවිද ඇවිද ඉන්න නිසා එයාව එයාගෙම මහම්මලාගේ ගෙදර නැවැත්තුවා කියලයි.

යද්දි අපිට කියලවත් ගියෙ නැහැ කියලා මමයි ආච්චියි දෙන්නම තරහෙන් හිටියේ.ඇයි ඉතින් එකටම ඉදලා කියන්නෙම නැතුව ගියහම ඔයාලට උනත් දුකක්‌ ඇති වෙනවනේ.

ඔහොම කාලයක්‌ යද්දී මට අනුකව මතක්‌ උනා.අයියගේ යාලුවො දෙතුන් දෙනෙක්‌ටම කිව්වා අනුකව දැක්‌කොත් එන්න කියන්න කතා කරන්නත් ආසයි කියලා.ඒත් කිසි කෙනෙක්‌ දැකලත් නැහැ.කොහෙ දකින්නද.පයින් යන දුරකයැ ඉන්නවා කිව්වේ.අම්මා කිව්ව විදිහටනම් කෑගල්ලේ.මටත් පිස්‌සු නිසා මම ඉතින් අහනවා...ක්‌ලාස්‌ එකෙත් අනුක ගැන කියවන නිසා එයාලා මට විහිලුත් කරනවා අන්නාසි මල් හොයන්නේනම් නිකම් වෙන්න බැහැ කියලා...

අයියත් දැන් ඉන්නේ කොළඹ.ගෙදර ඉන්නේ ආච්චියි අපි අදුරන පවුලකුයි.ගේත් පාලු වෙන නිසා ආච්චිත් තනියම නිසා වෙන කට්‌ටියක්‌ව නතර කෙරුවා ගෙදර.අයියා නැති නිසා මටත් ඒ පැත්තේ යන්න ආසාවකුත් තිබුනේ නැහැ.අනික cource එකට ගිහින් එන්නේ ඉතින් ඇඳ බලාගෙනනේ.

දවසක්‌ උදේ නැන්දලාගේ ගේට්‌ටුව ලඟ ඉදන් කවුදෝ අයියගේ නම කිය කිය කෑගහනවා.උදේ 7.00 විතර.ආපෝ පුදුම වදයක්‌නේ නිවාඩු දවසේ.මොකෙක්‌ද මන්දා වදේ උදේ පාන්දරම.මම ඇහුනේ නැහැ වගේ හිටියා හිතෙන් බැන බැනම.අයියා නැහැ කියලා ඔක්‌කොම යාලුවො දැනගෙනත් මේ පිස්‌සා උදේ පාන්දරම ඇවිත් කතා කරනවානේ කියලා මම ආයේ නිදා ගත්තා.
දවල් වෙලා නැගිටලා ගෙවල් පැත්තේ ගියා.ආච්චි ගිය ගමන්ම කිව්වා අර කොලුවා අන්න ආවේ ඔයාලව හොයාගෙන.මම කිව්වා අයියා නැහැ කියලා පස්‌සේ ඔයාව ඇහැව්වා මම බොරුවට කිව්වා ඔයත් පන්ති ගිහින් කියලා.එන වෙලාවක්‌ දන්නේ නැහැ කිව්වා.පස්‌සේ වතුර එකක්‌ ඉල්ලන් බීලා ගියා.

වතුර එකක්‌??
මුලින්ම ගනන් ගන්නේ නැතුව අහන් හිටියට මට එකපාරටම එහෙම ඇහුනේ අනුකවත්ද කියලා හිතිලයි.

කවුද ආච්චියේ ආවේ?

අර කොලුවනේ.අයිය එක්‌ක හිටියෙ මෙහෙ.අනුකද කවුද.

මට ඒ වෙලාවෙ තරහකුත් ආවා දුකකුත් එක්‌කම.අපරාදේ.උදේ එහෙදිත් කතා කරන්න ඇත්තේ අනුක වෙන්න ඇති.ඒ අනුක කියලා දන්නවනම් මම නැගිටිනවනේ.මම මටම හිතෙන් බැන ගත්තා නින්ද ලොකු කර ගන්නවට ඔහොම වෙන්න ඕන කියලා.හෙට ඉදන් ඉතින් ආයෙමත් ක්‌ලාස්‌නේ කියලා මම ගියා ආයෙමත් ටිකක්‌ පාඩම් කරලා නිදා ගන්න.
දැනුත් නිදි මත නිසා යනවා නිදා ගන්න.ඉතුරු කොටස පස්‌සේ...

16 comments:

  1. කතාව නියමට ලියල තියෙනවා... ෂුවර් නේ යාලුවෙක්ගෙ කියලා... :P

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ශානි.
      ස්‌තූතියි මේ පැත්තට ගොඩ වෙලා මගෙ කතාව බැලුවට..

      Delete
  2. සිරා සිරා.. දිගටම ලියන්න.. මරු කතාව. අනුන්ගෙ කතාවක් කීලා හොදටම ෂුවර්ද?

    ReplyDelete
    Replies
    1. හෙ හේ..ඔව් අනේ.මගෙ වගේ තමයි.හොදම යාලුවගේ.ස්‌තූතියි ආ..

      Delete
  3. කතාවනම් නියමෙටම ලියලා තියෙනවා.. ඉතිරියත් දාමු බලන්න..

    ඔයා මෙස්සීනා වලද ඉන්නේ? මමත් ඒ කිට්ටුවම තමයි ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. හරි හරි..ඒකත් කියවන්න මේ පැත්තෙ එන්න ඕනා හරිද ඔන්න.:) ස්‌තූතියි ආවට.ඔයා කොයි හරියෙද?

      Delete
  4. ඈ සුවර්ද යාලුවෙක් ගේ කියලා..හි හි.. ඊළග ටිකත් විගහට දාමුකෝ බලන්න :))

    ReplyDelete
    Replies
    1. හ්ම්.ශුවර් අනේ..ස්‌තූතියි මේ පැත්තේ ආවට..ආයෙත් එන්නකො.

      Delete
  5. දැන් එතකොට මේ යාළුවා පෙන්නේ කන්නාඩියක් ඉස්සරහට ගියාම ද?හරි හරි කමක් නැහැ.අපි අම්මට කියන්නේ නැහැ.

    ඉතුරු කතාවත් දිගටම ඉක්මනින් ලියන්න..

    ReplyDelete
    Replies
    1. :)ඔව්.ඔව්.අනේ අම්මටනම් කියන්න එපා.හික්‌ස්‌.

      Delete
  6. හදවතයි බුද්ධියයි කරන සටනෙන් අන්තිමට හදවත දිනනවා, ඒත් දිනපු හදවත දවසක කියනවාමයි බුද්ධිය ඔබ නිවැරදි කියල.
    බුද්ධිමත් දේවල් වලට හදවත ලංකර ගත්තත්, හදවතේ වැඩ වලට බුද්ධිය ලං කරගන්න නම් එපා. තීරණ ගන්න ඕනේ බුද්ධියෙන්, ආදරේ කරන්න ඕනේ හදවතින්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වටිනවා මේ අදහස.කොහෙද ඉතින් මේ හදවත කියන දේ අහන එකක්යැයි.ඔක්කොටම කලින් ඉස්සර වෙනවනේ.

      Delete
  7. හොදයි හොදයි... :)

    ReplyDelete
  8. Replies
    1. මෙයා ඔක්කොම කියවනවා වගේ අද..:)

      Delete

මේක කියවල මොනවා හරි කියල යන්න. ඒක මට ලොකු සතුටක්.මොනවත් කිවුවේ නැහැ කියල තරහක් නැහැ ඔයාලා එක්ක.

ස්තුතියි!!..