Wednesday, March 14, 2012

ආදරයක හමුවීම 2

පලමු කොටස බැලුවද ඔයා...නැත්නම් ඒක බලන්න මුලින්..මේ තියෙන්නේ ඒක.

ම්ම්හ්..නිදාගන්න තියනවනම් මට ඉතින් වෙන මොනවද..ඔන්න ටික ටික අනුකව හොයපු එකත් මට මග ඇරුනා.එයා එද්දි මම නැහැ.මම එද්දි එයා නැහැ.දවසක්‌ මම cource එකට යද්දී අයියගේ තව යාලුවෙක් එකපාරටම කිව්වා‌ ආ මට ඊයේ රෑ carnival එකේදී අනුකයාව හම්බ උනා.මම කිව්වා ඔයා මතක්‌ කෙරුවා කියලා.
ඇයි මෝඩයෝ මතක්‌ කරා කියලද කියන්න කිව්වෙ මම කිව්වේ එන්න කියන්න කියලනේ කියලා කියන්න කටට ආවත් මේ කොල්ලට මම එහෙම හරි කිව්වා කියලවත් මතක්‌ වෙලා නිසා මම හිනා වෙලා ආ මොනවද කිව්වේ එයා??කියලා ඇහැව්වා.

"උන් දෙන්නව බලන්න මම ගියා.හිටියේ නැහැ" කියලා කිව්වේ.

ම්ම් ඔව් අනේ එයා එද්දි අපි ගෙදර හිටියේ නැහැ.ආයේ හම්බ උනොත් කියන්නකෝ.මේ මට වෙලා ගියා.එහෙනම් මම යනවා අයියේ.

මෙ මේ ඒක නෙවෙයි අර ඉරේශා කෝ..මම මේ වෙලාගිහින් ඉද්දි මෙයා මේ විකාර කියවනවා.

ආ එයාට කොල්ලෙක්‌ ඉන්නවා අනේ දැන්.මම බොරුවට එහෙම කියලා එතනින් ගියා.

හරි නංගි එහෙනම් මාත් යනවා.එයා කියද්දිත් මම මගක්‌ දුර ගිහින්.

පහුවදා මම පොතක්‌ ගන්න කඩේට ගියා.ඕහ්..මෙන්න බොලේ තරංග අයියයි අනුකයි තව යාලුවෝ කට්‌ටියක්‌ එක්‌ක පාරෙ කතාවක්‌.හිතන්නෙවත් නැති වෙලාවක අමතක වෙලා හිටපු එයාව දැක්‌කම ආසාවක්‌ ආවත් මම බොරු තරහක්‌ මවාගෙන එයා ළඟින් ගියා.හරියට දැක්‌කේ නැහැ වගේ.

අනුක මගේ නම කියලා ම්ම් අපි හිතමුකෝ මගේ නම ටීනා කියලා කතා කෙරුවා.

ටීනා..ටීනා...මොකද දැක්‌කෙ නැහැ වගේ යන්නේ.

මම??නැහැ..ඔයාලා ලොකු මිනිස්‌සුනේ අනුක අපිට දැඔ ඔයාලව පේන්නෙත් නැහැ ඔයාලට අපිව පේන්නෙත් නැහැ.

පිස්‌සි.මේ එහෙ එන ගමන් තමයි.

හා...නේ..ඇත්තට.හොදයිනේ.

බොරු නෙමෙයි එද්දි මේ යාලුවො වගයක්‌ හම්බ උනා..මම ටිකක්‌ උන් එක්‌ක ඉදලා එන්නම් ඔයා යන්න.

හ්ම්..හ්ම්..මම යනවා.

ඔය කිව්වට මම හිතුවේ නැහැ අනුක එයි කියලා.මම ගෙදර ගිහින් මගෙ යාලුවෙක්‌ට කෝල් එකක්‌ ගත්තා කම්මැලි කමට පොඩ්ඩක්‌ අවුස්‌සන්න.මම මිදුලට වෙලා කියව  කියව ඉද්දි අනුකයි තරංග අයියයි ආව නිසා මම මම ෆෝන් එක තියලා ඒ දෙන්නා එක්‌ක කතා කරන්න ගියා.

අනුක කරාබුත් දාගෙන බෙල්ලේ දම්වැල් වගයකුත් දාගෙන මුදුත් දාගෙන හරියට නිකන් මොකෙක්‌ද වගේ.මම බැන බැන ඔක්‌කොම ගලව ගත්තා.මොකද අනුක මේ.බලනවකො හැටි.ලස්‌සනට ඉන්නවකෝ.බැන බැනම මම ආයෙත් බලන්න ආවෙ නැති එකත් අල්ලගෙන ලොකු මිනිස්‌සුන්ට අපිව මතකත් නැහැනේ තරංග අයියේ කියලා අනුකට දැනෙන්න කිව්වා.

අනේ මේ යනවා යන්න මම ඔයාව බලන්න ආවා කතා කෙරුවා කතා කෙරුවා ඔයා නිකමටවත් ආවද එළියට.

ඉතින් අයියගේ නම කියලා කෑ ගහද්දි මම දන්නවද කව්ද කියලා.මම හිතුවේ වෙන කොල්ලෙක්‌ කියලයි.

අයියා නැහැ කියලා මම දන්නවා.මම ආවේ ඔයාව බලන්න.ඔයාගේ නම කියලා කෑ ගහන්න පුලුවන්ද පාරෙ ඉදගෙන.ඒකයි බොරුවට අයියට කතා කෙරුවේ නංගි එයි කියලා.

ම්ම්..මාව බලන්න??

ඔව්.කොහෙද ඔයාලට අපිව මතක නැහැනේ නැද්ද තරංගයා..

අනේ මන්දා අපි නැහැ ඕවට.සැටියේ වාඩිවෙලා හිටපු අපේ රන්ඩුව බල බලා උන්න තරංග අයියා එහෙම කිව්වේ උඹලා දෙන්නටම පිස්‌සු කියන්න වගේ.

මේ මේ ඒක නෙමෙයි කාත් එක්‌කද අර අපි එද්දි මල් කඩ කඩ හිටියෙ මිදුලට වෙලා?ඒ අනුක..

ආ මට මේ කොල්ලෙක්‌ සෙට්‌ උනානේ.මේ ඉන්නේ එයා තමයි.මම මගෙ යාලුවගේ ෆොටෝ එකක්‌ පෙන්වන ගමන් අනුකට කිව්වා.

ඊ...හැටි විතරක්‌ නාකියගේ.බලනවකෝ හැටි මුගේ.පිස්‌සුද?

අනේ මේ යනවා යන්න.එයා ලස්‌සනයි.

හ්ම්..හ්ම්..අපිට මොකද.

ඒකනේ..මේ ඒක නෙවෙයි කොහෙද ඇත්තටම අතුරුදහන් වෙලා හිටියේ.

අම්මා මාව හොස්‌ටල් එකකට දැම්මනේ.

බොරු එපා.අම්ම කිව්වනේ මට ඔයා මහම්මලගේ ගෙදර කියලා.

ඔව්.බොරුවට කියන්න ඇති.මම මේ පැනලා ආවෙත්.එපා වෙනවා ඒකෙ ඉන්න ගිහාම.මේ එහෙමනම් මම යනවා ටීනා.තරංගයට වෙලා යනවා.

නැහැ.නැහැ.මට අවුලක්‌ නැහැ.උඹලා කතා කරපන්.

කමක්‌ නැහැ.මෙයාටයි වෙලා යන්නෙ.යනවා යන්න.එන්න එපා ආයේ මම කිව්වේ තරහින්.

හරි හරි මම හෙට දවල් එනවා කොහොමත් ආයේ.අයියා හොඳින්ද?ඌට කතා කරන්න ඕනා.හෙට දවල්ට එන්නම්.කතා කරමු අයියට.ආ මේ අරූ එක්‌ක කතා කරන එක නවත්තනවා හරිද.ඒ කිව්වේ මම ෆොටෝ එක පෙන්නුව කෙනා ගැනයි.එහෙම කියලා අනුකලා ගියා.

දැන් අනුක හැමදාම හවසට අපේ ගෙදර එනවා.මටත් පුරුදු වෙලා දැන් 4 වෙද්දි බලන් ඉන්නේ එයා එනකල්.ඇවිත් ඉතින් පිස්‌සු කතා කියවලා යනවා.මටත් කම්මැලි කමට හොදයි කියව කියව ඉන්න.කොච්චර කියෙව්වත් ගිහින් ආයේ රෑ වෙනකල්ම අපි මැසේජ් කරනවා.ඉස්‌සර හොරා වගේ ආව මාව මග ඇරපු කොල්ල නේද මේ මෙච්චර ෆිට්‌ වෙලා ඉන්නෙ දැන්.මට එහෙමත් හිතෙනවා.

එක දවසක්‌ එයා මට මෙහෙම මැසේජ් එකක්‌ එව්වා.
ටීනා මම මේක ඔයාට කියන්න හිටියේ.
ඒත් ඒකට අවස්‌තාවක්‌ ඔයා දුන්නේ නැහැ මට.
ඔයාගේ අයියා නිසා මට ඒක ඔයාට කියන්නත් බැහැ.
ඒත් මේ තීරනේ මම ගොඩක්‌ හිතලා හිතලා ගත්තේ.
අදනම් කියනවමයි.
තවත් මේක හිතේ තියන් ඉන්න බැහැ මට.
ඔයා මොන දේ හිතුවත් මට හිතෙන්නෙම මෙදා සැරේනම් ආණ්‌ඩුව පෙරලෙයි වගේ.කියලා.

මේ අනුකයටනම් මොලේ හොඳ නැහැ.මම හිතුවේ අපේ යාලුකමට තිත තියන වැඩක්‌ වෙන්න යන්නෙ කියලා.
ඒත් ඉතින් මමත් ඒක විහිලුවට අරන් මෙහෙම රිප්ලයි කෙරුවා.
මමත් මේ කියන්න හිටියේ අනුක ඔයාට.
මමනම් ඒත් හිතන්නේ
ආණ්‌ඩුව පෙරලෙන එකක්‌ නැහැ.

ඒත් එක්‌කම අනුක මට කෝල් එකක්‌ ගත්තා.

හු හූ බය උනා නේද?

අනේ මන් මොනවට බය වෙන්නද.ඔයාට පිස්‌සු කියලා මම දන්නවනේ අනුක.

හ්ම්..කෑවද..

මේ පාන්දර කෑවද කියලා අහන්නෙ මේ කොල්ලට පිස්‌සුද මන්දා කියල හිතුනත් ඒක නොකියා මම නිදා ගන්නවා අනුක කිව්වා.

හා.මම හෙට එන්නම්.ජේසු පිහිටයි..

ඔයාටත් ජේසු පිහිටයි.

හැමදාම එනවා දැන් අනුක.මම පෑන් කේක්‌ කන්න ආසයි කියලා කිව්ව නිසා හැමදාම ඒවත් අරගෙනමයි එන්නේ.දැන්නම් කාලා කාලා අප්පිරියා වෙලා.ඒත් කනවා.

අපේ ආච්චිට දැන් මේක හෙන ප්‍රශ්නේ.ඉස්‌සර මට පෙන්වන්න බැරුව හිටපු අනුක එක්‌ක මම හිනා වෙවී පිස්‌සු නටන එකයි මගේ ප්‍රශ්න වලින් බේරෙන්න හැංගි හැංගි මන් දිහා බලපු අනුක දැන් හැමවෙලේම අපේ අයියත් නැතුව ගෙදරට එන එකයි.ඒ නිසාම අනුක ආව වෙලේ ඉදන් ආච්චි මගේ පස්‌සෙන්මයි.

අපි වෙලාවකට ආච්ච්ව අවුස්‌සන්න හිතන් හැංගෙනවා.ආච්චි හරියට පැය ගානක්‌ අතුරුදහන් උනා වගේ කෑ ගගහා අපිව හොයනවා.අපිට හොඳටම හිනා.
අනුක වෙලාවකට කිසිම හැගීමක්‌ නැතුව බලන් ඉද්දි මට වෙලාවකට හිතෙනවා අපි දෙන්නා ලන් වෙලා වැඩිද කියලා.ඒත් ඒක මම ගණන් ගත්තේ නැහැ.එයා මට යාලුවෙක්‌ විතරයි.අනික එයා වෙන කෙල්ලො ගැන කියවයිද එහෙම හිතනවනම්.එහෙම වැරදිලවත් වෙන්නත් එපා.

20 comments:

  1. ඉතිරි ටිකත් ඉක්මණට දාන්න... කියවන්න ආසයි...

    ReplyDelete
    Replies
    1. හලි...හලි...දාන්නම්කෝ...

      Delete
  2. බලමු බලමු.. ඉස්සරහට මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්...අනේ මන්දා..බලමු...:)

      Delete
  3. සිරා... ලස්සනයි ඈ..

    ReplyDelete
  4. එකත් එහෙනං ජයසිරි මංගලම්.

    ReplyDelete
  5. කුච් කුච් හෝතා හේ !!!

    ReplyDelete
  6. ඉතිරිය ඉක්මනට ඕනෑ

    ReplyDelete
    Replies
    1. හරි..ස්‌තූතියි මේ පැත්තට ඇවිත් අපිව බලනවාට..

      Delete
  7. ඔක්කොම ටික කියවලම අදහසක් කියන්නම්කො\

    ReplyDelete
    Replies
    1. ස්‌තූතියි වර්ණා...

      Delete
  8. ඉතිරි ටික කියවන්නත් එනව මේ පැත්තට :) මේ වගේම ලස්සනට ලියන්න ඉක්මනටම.. ..

    ReplyDelete
    Replies
    1. හ්ම්..අනිවාර්යෙන්ම එන්න හරිද..ලස්‌සනයි කිව්වටයි මේ පැත්තට ආවටයි ස්‌තූතියි ඔයාට.

      Delete
  9. කොල්ලෙකුටය් කෙල්ලෙකුටයි හොඳම යාළුවො වෙලා ඉන්න බෑ. ඒක මම තරම් දන්නා කෙනෙක් නෑ. දෙන්නම කව්රු හරි ආදරේ ප්‍රකාශ කරනකම් බලාගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. හ්ම්..එකම තමයි මෙතනත් වෙන්නේ.ඕව මුලින් තේරුම් යන්නේ නැහැනේ. :(

      Delete
  10. Replies
    1. ඔයා නිසා මමත් අද මේක කියවන්න හිතුවා ආයේ.හිනහත් යනවා කියවද්දී.

      Delete

මේක කියවල මොනවා හරි කියල යන්න. ඒක මට ලොකු සතුටක්.මොනවත් කිවුවේ නැහැ කියල තරහක් නැහැ ඔයාලා එක්ක.

ස්තුතියි!!..